ඉරාජ් වීරරත්න විසින් පසුගියදා “iPlant Challenge” නම් ෆේස්බුක් ඔස්සේ පැල සිටුවීමට අභියෝග කරන වැඩසටහන ඔස්සේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හට ගසක් සිටුවන ලෙස අභියෝග කළේය.
රිෂාඩ් බදියුදීන් විසින් ජුලි 02 වනදාට යෙදෙන ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව ක්‍රියාත්මක වන පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියේදී ගසක් සිටුවමින් එම අභියෝගය බාරගෙන තිබේ.අමාත්‍යවරයා විසින් අමාත්‍ය හැරිසන් සහ මන්ත්‍රී අනුර කුමාර මීළඟට අභියෝගය බාරගන්නා ලෙසට නම්කොට තිබේ.